SBS Sinhala - SBS සිංහල වැඩසටහන
මගී නෞකාවේ වෛරස ආසාදනය මේ තරම් කැළඹීමක් ඇති කළේ ඇයි? හන්ටාවෛරසය පිළිබඳව වෛද්‍ය ඇසින් - පළමු කොටස
Episode notes
පසුගිය දිනවල මගී නෞකාවක ඇති වූ වෛරස ආසාදන තත්ත්වයක් නිසා ලෝකය ම ඒ පිළිබඳ අවධානය යොමු කළා. ඒ වෛරසය ගැන ජනතාව අතරේ මේ තරම් කතාබහක් ඇති වුණේ ඇයි? රෝගය පිළිබඳ සත්‍යය මොන වගේ ද? රෝග වාහකයන් කවු ද? මේ ගැන අද කතා කරන්නේ වෛද්‍ය කුමුදු වීරකෝන්. ඇය මේ වන විට Australian National University ගරු සේවයේ නියුතු කථිකාචාර්යවරියක්. ඒ විශ්වවිද්‍යාලයේ වසංගත විද්‍යා සහ ජනගහන සෞඛ්‍ය කේන්ද්‍රයේ. ඇය හන්ටාවෛරසය පිළිබඳව ගෙන එන විස්තරාත්මක කරුණුවලට ඔබත් සවන් දෙන්න.